Monday, April 21, 2025

General line - 0115112241

තීරු බදු ගැටළු ගැන සාකච්ඡාවකට ඉන්දියාව සහ අමෙරිකාව සැරසෙයි



එක්සත් ජනපද උප ජනාධිපති ජේ ඩී වෑන්ස් සහ ඔහුගේ බිරිඳ ඌෂා වෑන්ස් අප්‍රේල් 21 සිට 24 දක්වා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව තිබේ. 

සංචාරය අතරතුර උප ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට ද නියමිතයි.

යෝජිත ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම සහ ඉන්දු-ඇමරිකා සබඳතා ශක්තිමත් කර ගැනීමේ ක්‍රම පිළිබඳව ඔවුන් දෙපළ
එහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ.

ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම සංචාරය නිවේදනය කළේය. 

වැන්ස්ගේ කාර්යාලය ද සංචාරය තහවුරු කරමින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

වැන්ස්ගේ සංචාරය පැමිණෙන්නේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වර්ධනය වන ගෝලීය උත්සුකයන් මධ්‍යයේ ය. 

තීරුබදු, වෙළඳපල ප්‍රවේශය සහ සැපයුම් දාම සම්බන්ධ ගැටළු විසඳීම අරමුණු කරගත් වෙළඳ ගනුදෙනුව පිළිබඳව දෙපාර්ශවයම සාකච්ඡා කිරීමට නියමිතයි.