Monday, April 21, 2025

General line - 0115112241

පුංචි ඡන්දයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1,712ක් දක්වා ඉහළට



පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1,712ක් දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 

ඊයේ පස්වරු 04යි 30න් අවසන් වූ පැය 24ක කාලය තුළ පැමිණිලි 121ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ අත්සනින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ. 

නීති උල්ලංඝණය කිරීම් 95ක් සහ වෙනත් සිද්ධීන් 26ක් සම්බන්ධයෙන් එම පැමිණිලි ලැබී තිබෙනවා. 

මාර්තු 20 වනදා සිට ඊයේ දිනය දක්වා කාලය තුළ වාර්තා වී ඇත්තේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 09ක් පමණයි. 

නීති උල්ලංඝණය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 1,577ක් සහ වෙනත් පැමිණිලි 126ක් එම කාලසීමාව තුළ ලැබී තිබෙනවා. 

ඒ අතරින් පැමිණිලි 1,506ක් විසඳීමට පියවර ගෙන ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.