Monday, May 12, 2025

General line - 0115112241

පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන ජනපතිගෙන් ඉඟියක්



පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන පරික්‍ෂණ මේ වන විට විධිමත් ආකාරයෙන් සිදු කරමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

ජනාධිපතිවරයා කියා සිටියේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුම පාර්ශවයන්ට තරාතිරම නොබලා දඬුවම් ලබා දීමට කටයුතු කරන බවයි.


පසුගිය කාලයේ රට පාලනය කළ නායකයින් නීතිය දෙයාකාරයකට ක්‍රියාත්මක කළත් වත්මන් රජය සියලුම පුරවැසියන්ට නීතිය සමානව ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බදුල්ල ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ප්‍රකාශ කළේ.