මහනුවර නගරය හා අවට ප්‍රදේශයේ කසල කළමනාකරණ කටයුතු ඉතාම විධිමත්ව සිදුකෙරෙන බව මහනුවර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසනවා.
ඒ අනුව කම්පැක්ටරය සහිත කසල එකතු කිරීමේ රථය සෑම විනාඩි 45කට වරක් ප්‍රදේශය පුරා කසල එකතු කරමින් ධාවනය කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසන්නේ.
ඊට අමතරව අත් කරත්ත මගින්ද ප්‍රධාන මධ්‍යස්ථාන වෙත කසල එක්රැස් කරන බව ඔවුන් පවසනවා.
මිට අමතරව කසල හෝ ආහාර පාන සම්බන්ධයෙන් මහජන ගැටළු යොමුකිරීමට ද QR කේතයක් හඳුන්වා දී ඇති අතර ඕනෑම අයෙකුට එම QR කේතය Scan කර ජායාරූප සහිතව හෝ රහිතව පැමිණිලි හා යෝජනා ඉදිරිපත් කල හැකියි.
එම මහජන පැමිණිලි සම්බන්ධයෙන් විනාඩි 10 ක් ඇතුලත පියවර ගන්නා බවද මහනුවර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසනවා.