හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙම මස 25 වනදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසම මඟින් දැනුම් දීමක් කර තිබෙනවා.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව රනිල් වික්‍රමසිංහ මහතා සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි.
මෙම මස 17 වනදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙසයි එම කොමිසම ලිඛිතව දැනුම්දීමක් කර තිබුණේ.
හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ නිතිඥයින් එම දිනවල කොළඹ රැඳී නොසිටින බැවින් වෙනත් දිනයක් ඉල්ලීමට පියවර ගැනෙණු ඇති බවයි.