දිවයිනේ සිව්දෙසින් පැමිණි සැදැහැවතුන්ගේ සාධු නාද මධ්‍යයේ සිරි දළදා වන්දනාව අද සිව්වන දිනටත් මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත් වුණා.
අපේක්ෂා කළ මට්ටමටත් වඩා වැඩි පිරිසක් දළදා සමිදුන් වැඳපුදා ගැනීම සඳහා මහනුවර නගරයට පැමිණීම හේතුවෙන් අද සිට “සිරි දළදා වන්දනාව” පැවැත්වෙන කාල සීමාව පැයකින් දීර්ඝ කිරීමට ද තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද දිනයේ “සිරි දළදා වන්දනාව” ආරම්භ වුණේ පෙරවරු 11.00ටයි. අද සිට ලබන 27 වනදා දක්වා පෙරවරු 11.00 සිට පස්වරු 05.30 දක්වා කාල සීමාව සිරි දළදා වන්දනාව සඳහා වෙන්කර තිබෙනවා.
ඒ පිළිබඳ තවත් තොරතුරු දැනගැනීමට අප දැන් සම්බන්ධ කර ගත්තා මහනුවර නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර.