අති උතුම් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් ලොව පුරා රටවල් රැසක් ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා
ඒ අනුව ආර්ජන්ටිනාවේ දින හතක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලතින් අමෙරිකාවෙන් පැමිණි පළමු පාප් වහන්සේ ලෙසයි සැලකෙන්නේ .
ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරනු ලබන ගෞරවයක් වශයෙන් ලොව ප්‍රසිද්ධ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය නිවා දැමීමට තීරණය කර තිබෙනවා .
පැරිස් නගරාධිපතිනි ඈන් හිඩැල්ගෝ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ පාප් වහන්සේගේ මතකයට ගෞරව කිරීමක් වශයෙන් අයිෆල් කුළුණ අද රාත්‍රියේදී නිවා දැමීමට තීරණය කළ බවයි .
එමෙන්ම බ්‍රසීලය ද සතියක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා
මීට අමතරව ඕස්ට්‍රියාවේදී ඊයේ පස්වරුවේ රට පුරා දේවස්ථානවල සීනු නාද කර ඇති අතර එම දේවස්ථාන සියල්ලගේම කළු කොඩි ද ඔසවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
එමෙන්ම බ්‍රසීලය සතියක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කර ඇති අතර ඔස්ට්‍රියාවේ එරට දේශීය වේලාවෙන් පස්වරු 5.00ට රට පුරා දේවස්ථානවල සීනු නාද කර ඇති අතර එම දේවස්ථාන සියල්ලගේම කළු කොඩි ද ඔසවා තිබෙනවා .
තවද ස්පාඥඤයේ දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ප්‍රංශයේ පැරිසියේ නොට්‍රේ ඩෙම් ආසන දෙව් මැදුරේ සීනු අද දින 88 වතාවක් නාද වී තිබෙන බවයි සඳහන් වන්නේ .
මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවමංගල්‍යයට සහභාගිවීමට නියමිත බව නිවේදනය කර තිබේ
එය ට්‍රම්ප්ගේ දෙවන ජනාධිපති ධුර කාලය තුළ පළමු ජාත්‍යන්තර සංචාරය වනු ඇත.
එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කළේ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් වතිකානයේ වැඩබලන ප්‍රධානියා ලෙස ඇමරිකාවේද කෙවින් ෆැරල් කාදිනල් හිමිපාණන් පත් කර ඇති බවයි
එමෙන්ම ශ්‍රී ලංකාවේ දේවස්ථානවල සහ කිතුනු නිවාස බොහොමයක ශුද්ධෝත්තම පියාණන්ගේ ධජය අඩ කුඹු කර තිබුනා
මේ අතර අද වතිකානයේ සිස්ටන් දෙව්මැදුර ඇති අපෝස්තලික මාලිගයේ තුන්වන මහලේ ඇති ස්වර්ගස්ථ වූ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ මහල් නිවාසයේ සහ උන්වහන්සේ ජීවත් වූ කැසා සැන්ටා මාර්ටා හි දෙවන මහලේ ඇති මහල් නිවාසය සම්ප්‍රදායානුකූලව මුද්‍රා තැබීම සිදු කර තිබෙනවා .