කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයට ආසන්න බොරැල්ල කනත්ත වටරවුමේ මාර්ගයකට ගසක් කඩා වැටී තිබෙනවා.
එම ගස කඩා වැටීම හේතුවෙන් වාහන 07කට ද හානි සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
කෙසේවෙතත් කිසිවෙකුටත් හානි සිදුව නැහැ.
ගස කඩා වැටීම හේතුවෙන් බොරැල්ල බෞද්ධාලෝක මාවත සහ ඒ අවට මාර්ගවල රථ වාහන තදබදයක් පවතිනවා.
ඒ අනුව එම මාර්ගය ඔස්සේ ගමන් ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලීසිය පැවසුවේ.
කඩා වැටුණු ගස ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.