Friday, April 25, 2025

General line - 0115112241

පකිස්ථාන සුපර් ලීග් තරඟාවලිය ඉන්දියාවේ විකාශය කිරීම අත්හිටුවයි



පාකිස්ථාන සුපර් ලීගයේ ඉතිරි තරඟ සියල්ල ඉන්දියාව තුළ විකාශය අත්හිටුවා තිබෙනවා. 

ඉන්දියාව එම තීරණය ගෙන ඇත්තේ කාශ්මීරයේදී සංචාරකයින් ඉලක්ක කරගනිමින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයට විරෝධය පළ කරමින්. 

එම ප්‍රහාරයෙන් කාශ්මීරයේ ඉන්දීය පාලන ප්‍රදේශයට අයත් පහල්ගම්හිදී ඉන්දියානුවන් 26 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වී තවත් 10 දෙනෙකුට තුවාල සිදුවුණා. 

පකිස්ථානයට ඍජුවම චෝදනා කරන ඉන්දියාව පකිස්ථානයට එරෙහිව ක්‍රියාමාර්ග රැසක් මේ වනවිට ගනිමින් සිටිනවා. පාකිස්ථානයේ ප්‍රමුඛතම විස්සයි 20 ලීගය වන මෙම තරඟාවලියේ මේ දක්වා පැවැත්වූ සියලුම තරඟ විකාශය කිරීම සිදු කෙරුණා.