Tuesday, May 20, 2025

General line - 0115112241

පකිස්ථානය සිදුකළ වෙඩි තැබීමකට ප්‍රතිචාර දක්වමින් ඉන්දියාවද වෙඩි තැබීමක්



පකිස්ථානය සිදුකළ වෙඩි තැබීමකට ප්‍රතිචාර දක්වමින් ඉන්දියාවද වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. 

ඒ ඉන්දීය පරිපාලනයේ පවතින කාශ්මීරයේදී සංචාරකයන් පිරිසක් ඉලක්ක කර ගනිමින් සිදුකළ වෙඩිතැබීම හේතුවෙන්. 

පකිස්ථාන මුරපොළවල් කිහිපයකට අදාළ වෙඩි තැබීම් වාර්තා වූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

කෙසේවෙතත් වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ. 
 

මේ අතර පකිස්ථානය විසින් ඉන්දියාවේ පුරවැසියන් සඳහා වීසා අත්හිටුවනු ලැබුවා.