Saturday, April 26, 2025

General line - 0115112241

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බැඳුම්කර රහිතව ඇප මත මුදාහැරේ



මාතර වැලිගම W15 හෝටලය⁣අසල වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුවට අප්‍රේල් 10 වනදා ඇප ලබා පිටව යාමේදී අධිකරණය තුළට කාර් රථය රැගෙන ගොස් අධිකරණයෙන් පිටවයාම හේතුවෙන්, අධිකරණය ලබා දී තිබූ නියෝග කඩ කිරීම හරහා ඔහු අධිකරණයට අපහාස කර ඇති බව මාතර මහෙස්ත්‍රාත් අධිකරණය අද පැවසුවා. 

මුල් අවස්ථාවේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බැවින් දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පවරන ලෙසයි මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කර ඇත්තේ. 

ඒ අනුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් චූදිතයන් අදාළ නඩුවෙන් බැඳුම්කර රහිතව මුදාහැරීමටයි තීරණය කළේ.

හිටපු පොලිස්පති දේශබන්දු මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, ජ්‍යේෂ්ඨ නීතිඥ දසරාජ් දහනායක, ධම්මික රත්නායක, ලයාන් ඉරංග හේවා යද්දෙහිගේ, රංගජීවන් විදානපතිරණ, ඒ පී ඩබ්ලිව් අබේසූරිය, ගිහාන් රත්නායක, සහන් හේවාවිස්ස සහ තවත් නීතිඥ පිරිසක් අධිකරණයේ පෙනී සිට තිබෙනවා.