09 වන දිනටත් සිරි දළදා වන්දනාව මේ වන විට ආරම්භ වී තිබෙනවා.
දිවයිනේ නන් දෙසින් පැමිණ සිටින ජනතාව සාදු නාද මධ්‍යයේ දළදා සමිඳුන් සියැසින් දැක වැඳපුදා ගන්නා බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
පෙර දිනවලට වඩා සැදැහැවතුන් රැඳී සිටින පෝළිම්වල අඩුවීමක් දක්නට ලැබෙන බවද නෙත් නිවුස් වාර්තාකරුවන් සඳහන් කළා.
සිරි දළදා වන්දනාවේ නවතම තොරතුරු ගෙන එන්නේ මහනුවර නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර.
සිරි දළදා වන්දනාව සම්බන්ධයෙන් සැදැහැවතුන් කිහිපදෙනෙකුද නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් දැක්වුවා.
සිරි දළදා වන්දනාවේ අවසන් දිනය හෙටයි.