2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව එම විභාගය සමත් වූවන්ගේ ප්‍රතිශතය ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ මෙවර ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලැබූවන්ගේ ප්‍රතිශතය පසුගිය වසරට සාපේක්ෂව සුළු වශයෙන් වැඩි වී ඇති බවයි.
මෙවර උසස් පෙළ ප්‍රතිඵල අනුව විෂයන් තුනටම සාමාර්ථ ලබාගෙන ඇති සිසුන් සංඛ්‍යාව 9,458ක් වන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියා.