“සිරි දළදා වන්දනාව” වෙනුවෙන් මහනුවර නගරයේ ඉදිකල තාවකාලික ඉදිකිරීම් ඉවත් කිරීමට දින ගණනාවක් ගතවන බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි මහත්මිය පවසනවා.
නෙත් නිවුස් සිදුකල කරුණු විමසීමකදී ඇය කියා සිටියේ එම කටයුතු සිරි දළදා වන්දනාව නිමාවට පත්වීමත් සමඟ ඊයේ දිනයේදීම ආරම්භ කෙරුණු බවයි.
දළදා වන්දනා සමයේ කසළ ටොන් 300ක් පමණ නගරය තුළ එකතු වී ඇතැයි අනුමාන කෙරෙන අතර එම සියලු කසළ තොග වර්ගීකරණය කිරීම මේ වන විට ක්‍රියාත්මක වන බවද මහනුවර නාගරික කොමසාරිස්වරිය නෙත් නිවුස් වෙත කියා සිටියා.