Monday, April 28, 2025

General line - 0115112241

මැතිවරණ නීති උල්ලංඝනය කළ සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට



මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන්වලට අදාළව සැකකරුවන් 08 දෙනෙකු ඉකුත් පැය 24 තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. 

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකු සහ ආධාරකරුවන් 07 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ. 

අද උදෑසන 06.00න්  අවසන් වූ පැය 24 තුළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ අපරාධමය පැමිණිලි 09ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි 21ක් ලැබී ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.