Tuesday, April 29, 2025

General line - 0115112241

මැයි 10 වන දින සිට 16 වනදා දක්වා සතිය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කෙරේ



මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. 

ඒ අනුව නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මැයි මස 10 වන දින සිට 16 වන දින දක්වා සතියක කාලයක් වෙසක් සතිය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. 

එම කාල සීමාව තුළ බෞද්ධාගමික වැඩසටහන් සංවිධානය කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා එක්ව ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.