Wednesday, April 30, 2025

General line - 0115112241

චීනය සමග ගිවිසුමකට අමෙරිකාව සූදානම්



චීනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. 

එය සාර්ථක වනු ඇති බවත් චීනයට ගිවිසුමක් ඇති කර ගැනීමට අවශ්‍ය බවත් ඔහු පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

ගිවිසුමක් ඇති කර ගැනීමට අමෙරිකාව සූදානම් නමුත් එය සාධාරණ ගිවිසුමක් විය යුතු බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර ඇත්තේ. 

ඔහු මෙම අදහස් පළ කළේ ජනාධිපති ධුරයට පත්වී පළමු දින 100 සම්පූර්ණ කිරීම වෙනුවෙන් මිචිගන්හි පැවති රැළියකදීයි. 

කැනඩාව සහ මෙක්සිකෝව සම්බන්ධයෙන්ද එහිදී අදහස් දක්වා ඇති අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ එම රටවල් දෙකටම සහනාධාර ලබා දෙන බවයි.

දෙවන වරටත් ජනාධිපති ධුරයට පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය ධුර කාලයේ පළමු දින සියයේදී ආන්දෝලනාත්මක තීන්දු කිහිපයක් ගනු ලැබුවා. 

ඒ අතරින් සියලු රටවලට බලපාන පරිදි නව බදු පැනවීම කැපීපෙනෙන සිද්ධියක්. 

එහිදී වැඩිම බදු පැනවීම සිදුවූයේ චීනයටයි.