Wednesday, April 30, 2025

General line - 0115112241

තමන් අල්ලස් කොමිසමට කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක මාධ්‍ය හමුවේදී සඳහන් කළ කරුණු අසත්‍යයි - රනිල් වික්‍රමසිංහ



තමන් අල්ලස් කොමිසමට කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළ කරුණු අසත්‍ය බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.      

ඒ, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ඊයේ ප්‍රශ්න කළ අතර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊට දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

කෙසේවෙතත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත කිසිදු අවස්ථාවක ලිපියක් මගින් දැනුම්දීමක් කර නොමැති බවයි. 

කොමිසම වෙත පැමිණිමේ දිනය කල් දමන ලෙස ඉල්ලා ලිපියක් යොමු කළේ ජනාධිපති නීතිඥවරයෙකු විසින් බවද අදාළ නිවේදනයේ සඳහන්. 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එවනු ලැබූ ලිපි අල්ලස් කොමිසමේ නිලධාරින් දෙදෙනෙකු විසින් යොමුකර තිබීම විශේෂත්වයක් බවයි රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.