සබරගමුව පළාත් සභාවේ පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් හා සැලසුම් අධ්‍යක්‍ෂිකාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය මගින්.
සබරගමුව පළාත් සභාවේ පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ සිදුවූ හත්කෝටි දහසය ලක්ෂ හතළිස් පන්දහස් දෙසිය විසි හයයි ශත තිස් දෙකක මුදල් වංචාවක් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
සබරගමුව පළාත් සභාවේ පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් හා සැලසුම් අධ්‍යක්‍ෂිකාව විසින් 2016 - 2017 වර්ෂ සඳහා ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සිදුකරන ලද ව්‍යාපෘති 77කට අදාළව වවුචර්පත් හා අදාළ ගොනුවල ලේඛන අත්සන් කර නිර්දේශ කර තිබුණා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 62 හැවිරිදි රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ 52 හැවිරිදි හිදැල්ලන ප්‍රදේශයේ පදිංචිකාරියක්.
ඔවුන් එළඹෙන 08 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමටයි ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන ඇත්තේ.