කූඨ ලේඛන සකස් කර රුපියල් කෝටි 03ක් පමණ වටිනා දේපළ අත්පත් කරගෙන සිටි කාන්තාවක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි. අත්අඩංගුවට ගත් එම සැකකාරිය වයස අවුරුදු 64ක් වූ කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිකාරියක්.
ඇය විශ්‍රාමික කාන්තා පොලිස් සැරයන්වරියක් බවද පොලීසිය පැවසුවා.
සැකකාරිය නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් ක්‍රියාත්මකයි.