කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර පැවැත්වෙන රන් මහ සටන වාර්ෂික ක්‍රිකට් තරඟය මෙම මස 09 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වෙනවා.
ඒ, කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදීයි.
මෙවර එම තරඟය තුන් දින තරඟයක් ලෙස පැවැත්වෙන්නේ පළමුවරටයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොළඹ මහානාම විද්‍යාලයේ විදුහල්පති ප්‍රභාත් ලියනගේ මහතා.
රන් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරඟය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ මහතා.