Monday, May 5, 2025

General line - 0115112241

මැතිවරණ කොමිසමෙන් ඡන්ද දායකයින්ට දැනුම්දීමක්



2025 පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මෙතෙක් ලැබී නොමැති ඡන්ද දායකයෙකු වේ නම් හෙට දිනයේ ද අදාළ තැපැල් කාර්යාලයෙන් එය ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 

එහි සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේ නිල ඡන්ද පත්‍රිකාව නොමැති වුවද සිය අනන්‍යනතාවය තහවුරු කර ඡන්දය ප්‍රකාශ කළ හැකි බවයි.


ඡන්දය නිවැරදිව භාවිතා කළ යුතු ආකාරය පිළිබඳව ද මෙහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැහැදිළි කළා.