Monday, May 12, 2025

General line - 0115112241

ටිබෙටයේ 5.5 ක  ප්‍රබල භූ කම්පනයක්



නිරිතදිග ටිබෙටයේ ෂිගාට්සේ නගරයේ භූමිකම්පනයක් ඇති වී තිබෙනවා 

රිච්ටර් මාපක ඒකක 5.5 ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පනයක්  වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

එරට වේලාවෙන් අලුයම 5.11 ට පමණ මෙය හට ගෙන තිබු අතර කිලෝමීටර 10 ක ගැඹුරකින් භූමිකම්පනය සිදු වී තිබෙන්න්නේ 

භූ කම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේපොළ හානි කිසිවක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ෂිගාට්සේ ටිබෙටයේ නිරිතදිග කොටසේ පිහිටා ඇති අතර එය කලාපයේ දෙවන විශාලතම නගරය වනවා 

මීට පෙර, මැයි 8 වන දින, රික්ටර් මාපකයේ 3.7 ක භූමිකම්පාවක් එම කලාපයේ හටගෙන තිබුනා.