Tuesday, May 20, 2025

General line - 0115112241

කොට්ටාව පෝර ගොඩැල්ල ප්‍රදේශයේ නිවසක ගින්නක් - දියණියක් ජිවිතක්ෂයට

චන්දන රොද්‍රිගෝ



අද අලුයම කොට්ටාව විහාර මාවතේ, පෝර ගොඩැල්ල ප්‍රදේශයේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා.  

ගින්න හටගන්න අවස්ථාවේ නිවස තුළ සිටි ඇත්තේ වයස අවුරුදු 19ක් වන දියණියක් බවයි පොලීසිය පැවසුවේ.

ඇය දැඩි පිළිසුම් තුවාල ලැබීමෙන්  එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිදුවීම සිදු වූ අවස්ථාවේ නිවසේ අනෙකුත් අය වෙසක් නැරඹීම සඳහා ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලීසිය වැඩි දුර විමර්ෂණ සිදු කරනු ලබනවා.