Tuesday, May 20, 2025

General line - 0115112241

ඊයේ රාත්‍රියේ අනතුරට ලක් වූ බස් රථයත් විශේෂ පරීක්ෂාවට



අලදෙණිය, යටිහලගල, කුළුගම්මන ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ අනතුරට ලක් වූ බස් රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අද දිනයේ පරීක්ෂාවට ලක් කිරීමට නියමිතව තිබෙනවා. 

එම පරීක්ෂා කිරීමෙන් පසු අදාළ අනතුරට හේතු සොයාගැනීමට හැකිවනු ඇතැයි පොලීසිය සඳහන් කළා.
 

අදාළ අනතුරෙන් පුද්ගලයින් 37 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා. 

එලෙස තුවාල ලබා ඇත්තේ බස් රථයේ රියදුරු ඇතුළු පිරිමි පුද්ගලයින් 09ක්, කාන්තාවන් 20ක් හා ළමුන් 08 දෙනෙකුයි. 

ඔවුන් මේ වන විට මහනුවර, පේරාදෙණිය හා තිත්තපජ්ජල රෝහල්වලට ප්‍රතිකාර ලබනවා.
 

එලෙස අනතුරට ලක් වුණේ කුරුණෑගල, ගල්ගමුව, ඇහැටුවැව ප්‍රදේශයේ සිට මහනුවර ප්‍රදේශයට වන්දනා ගමනක් සඳහා පැමිණි පිරිසක් රැගත් බස් රථයක්. 

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන බෑවුමකට ගොස් අදාළ අනතුර සිදුව තිබෙනවා. 

අනතුරින් තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.