Tuesday, May 20, 2025

General line - 0115112241

සැදැහැවතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් නේත්‍රාලෝක වෙසක් කලාපයේ ආමිස පූජා පින්කම ඇරඹෙයි



සම්බුදු තෙමඟුල සිදු වූ පින්බර වෙසක් පුන් පොහෝ දිනය නිමිති කර ගනිමින් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කළ නේත්‍රාලෝක වෙසක් කලාපය දෙවන දිනටත් මේ වන විට අම්බුළුගල දන්තපාය රජමහා විහාරස්ථානයේදී පැවැත්වෙනවා. 

දන්සැල්, සැදැහැ ගී, සංස්කෘතික ප්‍රසංග ආදී ආමිස පූජා රැසක් සමඟින් තොරණ, පහන් කූඩු ඇතුළු නේකවිධ විචිත්‍රත්වයෙන් මෙවර නේත්‍රාලෝක වෙසක් කලාපය සමන්විතයි. 

අම්බුළුගල ශ්‍රී දන්තපාය රාජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් හෙට දිනය දක්වා මෙම පින්කම් මාලාව පැවැත්වෙනවා.

අද රාත්‍රී 07.00 සිට 08.00 දක්වා සිදු කෙරෙන විශේෂ ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ මහාචාර්යඳ, පූජ්‍ය ඔලගන්වත්තේ චන්දසිරි හිමියන් විසින්. 

මෙම පිංකම නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ සජීවීව ප්‍රචාරය කිරීමට ද නියමිතයි.

මෙවර අම්බුළුගල දන්තපාය නේත්‍රාලෝක වෙසක් කලාපය සඳහා බැතිබර දායකත්වය ලබාදෙනු ලබන්නේ මහරගම ‘විශ්’ පෞද්ගලික රෝහලේ අධිපති, විශේෂඥ කළල වෛද්‍ය හෙළරුවන් පසන් කුමාර මහතායි. 

නෙත් එෆ් එම් නේත්‍රාලෝක වෙසක් කලාපය පිළිබඳ තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා අම්බුළුගල දන්තපාය රජමහා විහාරස්ථ පුදබිමෙහි රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්.