Tuesday, May 20, 2025

General line - 0115112241

අත්බෝම්බයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු හදිසියේ රෝගී වී රෝහලේ

ජූඩ් සමන්ත



විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ළග තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, මාරවිල පොලිස් නිලධාරීන් විසින්. අත්අඩංගුවට ගත් සැකකරු නාත්තන්ඩිය, අශෝකපුර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙක්. 

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රෝගී තත්ත්වයට පත් වූ සැකකරු ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.