Wednesday, May 21, 2025

General line - 0115112241

ගිනි අවියක් සන්තකව සිටි සැකකරුවෙකු සමනලවැවදී අත්අඩංගුවට



සමනලවැව, අමුවතුගොඩ ප්‍රදේශයේදී ගිනි අවියක් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, සමනලවැව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි. 

සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් එලෙස සොයාගෙන තිබෙනවා. 

ඔහු ඉඹුල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

සිද්ධිය සම්බන්ධයෙන් සමනලවැව පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.