Wednesday, May 21, 2025

General line - 0115112241

පාසල්වල මුදල් එකතු කිරීමට වැට බඳින අලුත් චක්‍රලේඛයක් ළඟදීම



පාසල්වල සිසුන්ගේ මව්පියන්ගෙන් මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් පවතින චක්‍රලේඛ කඩිනමින් සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. 

අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසුවේ පාසල්වල සිසුන්ගේ මව්පියන්ගේ අනිසි ලෙස මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය වෙත පැමිණිලි රැසක් ලැබී ඇති බවයි. 

ඒ අනුව චෝදනා එල්ල වී ඇති පාසල් වෙත විමර්ශන කණ්ඩායම් යොමු කිරීමටද පියවර ගෙන ඇති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියා.  

කිසියම් පාසලක අනිසි අයුරින් මුදල් එකතු කිරීම සිදු වන්නේ නම් කලාප කාර්යාල හෝ අධ්‍යාපන අමාත්‍යංශ වෙත අදාළ පැමිණිලි යොමු කරන ලෙසයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.