Tuesday, May 20, 2025

General line - 0115112241

මත්කුඩු ජාවාරමකට සම්බන්ධ තිදෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කෙරේ

උදය කුමාර



හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් තුන්දෙනෙකුට කොළඹ මහාධිකරණය අද මරණීය දණ්ඩනය නියම කළා. 

එලෙස මරණ දඬුවම් නියම කෙරුණේ 2018 වසරේදී බේරුවල ආශ්‍රිත මුහුදු සීමාවේදී බහු දින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 179කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේදී අත්අඩංගුවට ගැණුනු විත්තිකරුවන් තිදෙනෙකුටයි. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් පස්දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමටද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කර තිබෙනවා.