Wednesday, May 21, 2025

General line - 0115112241

ක්වීන් ඔෆ් ද වර්ල්ඩ් තරඟාවලියේ අනුශූරතාව දිනා ගත් නලනී වික්‍රමරත්න යළි දිවයිනට

ටී කේ ජී කපිල



ක්වීන් ඔෆ් ද වර්ල්ඩ් - එලයිට් - 2025 තරඟාවලියේ අනුශූරතාව දිනා ගත් නලනී වික්‍රමරත්න අද යළි දිවයිනට පැමිණියා. ඇය බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

ක්වීන් ඔෆ් ද වර්ල්ඩ් තරඟාවලිය අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී ඉකුත් 05 වනදා සිට 10 වනදා දක්වා පැවැත්වුණා. 

ඒ සඳහා ලෝකයේ රටවල් 21ක තරඟකාරියන් 21 දෙනෙකුගේ සහභාගී වී තිබෙනවා. 

වයස අවුරුදු 45ත් - 55ත් අතර කාණ්ඩයේ පැවති මෙම තරඟයෙන් 50 හැවිරිදි නලනී වික්‍රමරත්න අනුශූරතාවය දිනා ගැනීමට සමත් වුණා. 

ක්වීන් ඔෆ් ද වර්ල්ඩ් තරඟාවලිය යටතේ පැවති දක්ෂතම රූ රැජින තරඟ අංශයේ ශූරතාවයද දිනා ගැනීමට සමත් වූයේ නලනී වික්‍රමරත්න වීම විශේෂත්වයක්.