Wednesday, May 21, 2025

General line - 0115112241

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී දේශපාලන පක්ෂවලට ඇති වගකීම පැෆ්රල් පහදයි



පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ජනතාව ලබාදී ඇති මහජන මතයට සියලුම දේශපාලන පක්ෂ ගරු කළ යුතු බව පැෆ්රල් සංවිධානය පවසනවා. 

එහි විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදීව සියලුම දේශපාලන පක්ෂ ජනතා මතයට හිස නමමින් ඒ අනුව කටයුතු කළ යුතු බවයි.


පළාත් පාලන ආයතනවලට නගරාධිපතිවරයා සහ සභාපතිවරයා පත් කෙරෙන ආකාරය සම්බන්ධයෙන් ද මෙහිදී පැහැදිලි කෙරුණා.


කෙසේවෙතත් මැතිවරණ ක්‍රමයේ සහ මැතිවරණ නීතියේ පවතින අඩුපාඩු පිළිබඳ යළි සලකා බැලිය යුතු බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසුවේ.


මේ අතර මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් තේරී පත් වූ නියෝජිතයන්ගේ නාමයන් සීමිත ප්‍රමාණයක් පමණක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 

මැතිවරණ කොමිසම සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින්නේ පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ සියලු නියෝජිතයින්ගේ නාමයන් හැකි ඉක්මනින් මැතිවරණ කොමිසම වෙත ලබාදෙන ලෙසයි.