Wednesday, May 28, 2025

General line - 0115112241

ඉල්ලා අස් වූ සජබ සංවිධායකවරයෙක් යළි තීරණය වෙනස් කරයි

රංජිත් රාජපක්ෂ



Update 

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයින් තේරීමේදී මතුවූ ගැටලු හේතුවෙන් සමගි ජන බලවේගයේ සංවිධායක ධුරවලින් ඉවත් වූ කිහිපදෙනෙකු යළි එම තනතුරු භාර ගෙන තිබෙනවා. 

ඒ පවතින ගැටලු පිළිබඳ විපක්ෂ නායකවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.

සමගි ජල බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් සම සංවිධායක ධූරයෙන් ඉවත් වූ අසෝක සේපාල මහතා යළි එම ධුරය භාර ගන්නා බව අද ප්‍රකාශ කළා. 

පළාත් පාලන ආයතන දෙකකට ප්‍රසාද සභිකයින් පත් කිරීමේදි තමන්ට සිදු වූ අසාධාරණයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කඩිනමින් විසඳුම් ලබා දීම හේතුවෙන් එම තීරණය ගත් බවයි ඔහු කියා සිටියේ.

තලවකැලේ නගරයේ පිහිටි සිය නිවසේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව කියා සිටියා. 

සංවිධායක ධුරයකින් ඉවත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ මහතාද අද සමගි ජන බලවේග මූලස්ථානයේදී විපක්ෂ නායකවරයා හමුවී සාකච්ඡා පැවැත්වුවා. 

එම සාකච්ඡා අවසානයේ  ඔහු මාධ්‍ය වෙත පළ කළේ මෙවන් අදහසක්. 

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

නුවරඑළිය දිස්ත්‍රික් සම සංවිධායක ධූරයේ කටයුතු යළි භාර ගන්නා බව අසෝක සේපාල මහතා පවසනවා. 

ඒ, පළාත් පාලන ආයතන දෙකකට ප්‍රසාද සභිකයින් පත් කිරීමේදි තමන්ට සිදු වූ අසාධාරණයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කඩිනමින් විසඳුම් ලබා දීම හේතුවෙන් බවයි ඔහු කියා සිටියේ.

තලවකැලේ නගරයේ පිහිටි සිය නිවසේදී මාධ්‍ය හමුවක් පවත්වමින් අසෝක සේපාල මහතා කියා සිටියේ කොටගල සහ ආගරපතන ප්‍රාදේශීය සභාවට ප්‍රසාද ලයිස්තුවෙන් සභිකයන් දෙදෙනෙකු ලබා දෙන බවට පක්ෂ නායකයා සහ පක්ෂයේ මහ ලේකම්වරයා තමන්ට පොරොන්දු වී පසුව එම සභිකධූර දෙක දමිළ ප්‍රගතිශීලි සංධානයට ලබා දීමට පියවර ගෙන තිබූ නිසා තමන් නුවරඑලිය දිස්ත්‍රික් සම සංවිධායක ධූරයෙන් ඉවත් වීමට ඉකුත් 25 වනදා තීරණය කළ බවයි. 

ඒ සම්බන්ධයෙන් තමන් යොමු කළ ලිපියට පක්ෂ නායකත්වය සහ මහ ලේකම්වරයා යහපත් ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් සිය තීරණය වෙනස් කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.