Friday, May 30, 2025

General line - 0115112241

දේශබන්දු පත් කිරීමට එරෙහි පෙත්සම සැප්තැම්බර් 08 කැඳවයි

උදය කුමාර



ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාවේ විධිමත් අනුමැතියකින් තොරව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමට එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම්  සැප්තැම්බර් මස 08 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා. 

මෙම පෙත්සම් කැඳවනු ලැබුවේ ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගේ සමන්විතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි. එහිදී මෙම පෙත්සම් සැප්තැම්බර් මස 08 වනදා කැඳවන ලෙස විනිසුරු මඩුල්ල නියෝග කළා.