Friday, April 26, 2024

General line - 0115112241

පාපන්දු ක‍්‍රීඩකයෙකුට පහරදීමේ චෝදනා




පහරදීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අමෙරිකානු පාපන්දු ක‍්‍රීඩකයෙකු එරට ක‍්‍රීඩා සමාජ කණ්ඩායමකින් ඉවත් කර තිබෙනවා. ඒ, 29 වන වියේ පසුවන බෲස් මිලර්.

වයස අවුරුදු 70ක වැඩිහිටි පුද්ගලයෙකුට සහ ඔහුගේ පුත‍්‍රයාට පහරදුන් බවට මෙම පාපන්දු ක‍්‍රීඩකයා චෝදනා ලබා සිටිනවා.

පහරදීම සිදුව ඇත්තේ අමෙරිකාවේ සෙන් ප‍්‍රැන්සිස්කෝ හි හෝටලයකදීයි.