Wednesday, May 8, 2024

General line - 0115112241

සචිත්‍රට දඩ ගැසූ හේතුව මෙන්න




දඟපන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානයකට තරඟ ගාස්තුවෙන් 30%ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

ඒ ඊයේ පැවැති ශ්‍රී ලංකා –  ඔස්ට්‍රේලියා විස්සයි විස්ස තරඟයේදී ඇතිවූ සිදුවීමක් හේතුවෙනුයි.

තරඟයේ පස්වන පන්දුවාරයේදී ඕස්ට්‍රේලියානු නායක ඩේවිඩ් වොර්නර් දැවී යන අවස්ථාවේ ඔහුට අනවශ්‍ය වාග් ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙනුයි සචිත්‍රට මෙසේ දඩ මුදලක් නියම කොට ඇත්තේ.

තරඟයෙන් අනතුරුව සචිත්‍ර තම වරද පිළිගෙන තිබෙනවා.