Thursday, May 2, 2024

General line - 0115112241

‘අදක්ෂ වෛද්‍යවරු රෝගීන් අනතුරේ දානවා’




මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලැබූ ශිෂ්‍යාවකට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට අවස්ථාව ලබාදෙන්නැයි ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමක් අද (05) විභාගය ගැනුනා.

එහිදී අදාළ පෙත්සම සම්බන්ධයෙන් මැදිහත්වීමට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව සහ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව 05 ක් අධිකරණයෙන් අවසර ඉල්ලා සිිටියා. එම ඉල්ලීම අගෝ්ස්තු මස දෙවැනිදා (02) සලකා බලන බවයි අභියාචනාධිකරණය කියා සිටියේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අධිකරණ භූමියේදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූවා. එහිදී හෙතෙම සඳහන් කළේ ප්‍රමිතියක් නොමැති වෛද්‍ය අධාපනයෙන් බිහිවෙන වෛද්‍යවරු අදක්ෂ බවයි. අදක්ෂ වෛද්‍යවරු රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළන බවත් පැවසුවා. ඒ හේතුවෙන් මාළඹේ වෛද්‍ය විද්‍යාලයේ පුහුණුව ලබන වෛද්‍ය සිසුන් වෛද්‍යවරුන් වශයෙන් ලියාපදිංචි කිරීමට වෛද්‍ය සභාවට නොහැකි බවත් පැවසුවා.