Friday, April 26, 2024

General line - 0115112241

“ඊයේ විපක්ෂයෙන් සිවුපා හඬ ඇසුනා” – කතානායකගෙන් දැඩි අවවාද




ස්වාධීන කොමිෂන් සභාවල සභාපතිවරුන්ගේ සහ සාමාජිකයින්ගේ වැටුප් සංශෝධන යෝජනාව පාර්ලිමේන්තුවේදී ඊයේ (21) විවාදයට ගැනුණු අවස්ථාවේ ඇතැම් මන්ත‍්‍රීවරුන් හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය අද (22) අප‍්‍රසාදය පළ කළා.

මන්ත‍්‍රීවරුන් මින් ඉදිරියට ද මෙලෙස අශෝභන ලෙස හැසිරුණහොත් ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට සිදුවන බවයි කථානායකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ කතානායකවරයා සඳහන් කළේ  “පාර්ලිමේන්තු සභා ගර්භයේදී එකිනෙකාට චෝදනා කරගනිමින් ස්ථාවර නියෝගවලට පටහැනිව ක්‍රියා නොකරන ලෙස ගරු මන්ත්‍රීතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා. ඊයේ එවැනි සිද්ධීන් කිහිපයක් ඇති වුණා. ඊයේ විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු සිවුපා හඬ නගමින් ක්‍රියාකල ආකාරය ගැන ජනතා අවධානය යොමු වී තිබෙනවා. ඉදිරියේදී එවැනි දේ සිදු වුණොත් මම දැඩි පියවර ගන්නවා.” යනුවෙනි.

(එම හඬපටය පහතින් දැක්වෙයි)