Thursday, May 2, 2024

General line - 0115112241

ආසියානු වෙරල කි‍්‍රඩා උළෙලේදී ශී‍්‍ර ලංකාවට ලෝකඩ පදක්කමක්




වියට්නාමයේ පැවැත්වෙන පස්වැනි ආසියානු වෙරල ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (26) සමත් වුණා.

ඒ පිරිමි බීච් කබඩි ඉසව්වෙන්. ඊයේ පැවැති අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව හමුවේ ලකුණු 49-26ක් ලෙස පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමෙන් සෑහීමකට පත්වීමට සිදුවුණා.

රටවල් 45ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර ආසියානු වෙරල ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ ශ්‍රී ලංකාව පසුවන්නේ 27 වැනි ස්ථානයේයි.

ශ්‍රී ලංකා පිරිමි කබඩි පිල ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී දිනාගත් තෙවැනි ලෝකඩ පදක්කම මෙයයි.

මෙයට පෙර 2012දී හා 2014දී පිරිමි බීච් කබඩි ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනා ගත්තා.

පිරිමි කබඩි තරගවලට කණ්ඩායම් 6ක් සහභාගීවූ අතර එයින් තායිලන්තය හා මැලේසියාව පළමු වටයේදීම ඉවත්වීමට සිදු වුණා.

මෙවර ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහන අනුව තායිලන්තය රන් පදක්කම් 10ක් රිදී පදක්කම් 7ක් හා ලෝකඩ පදක්කම් 7ක් දිනා පෙරමුනේ පසුවනවා.

ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල වියට්නාමයේ වෙරළබඩ නගරයක්වූ ඩැනෑන්ග් හිදී ඔක්තෝබර් 3වැනිදා දක්වා පැවැත්වෙන අතර ඊට ආසියානු රටවල් 45කින් ක්‍රීඩා ක්‍රීඩිකාවෝ 3000ක් එක්ව සිටිනවා.

14518382_10210788108685126_974313431_n

14470782_10210788108725127_1389668204_n 14483952_10210788027123087_365148509_n 14509258_10210788031643200_1658768380_n