Friday, April 26, 2024

General line - 0115112241

සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයනුත් දරුවන් වෙනුවෙන් ජනප්‍රිය පාසල් ඉල්ලයි




වෛද්‍යවරුන්ගේ දරුවන් ජනප්‍රිය පාසල් වලට ඇතුළත් කිරීම සදහා වෙනම ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන්නේ නම් සියලූම වෘත්තීය සමිතිවලටද එවැනි ක්‍රමවේදයක් සකස් කළයුතු බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සමන් රත්නප්‍රිය සදහන් කළේ වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම සදහා වෙනම ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් රටතුළ අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බවයි.

වෛද්‍ය සංගමයට එවැනි අවස්ථාවක් ලබාදෙන්නේ නම් සෙසු වෘත්තීය සමිතිවලටද එම අවස්ථාව ලබාදිය යුතු බව ඔහු අවධාරණය කළා.