Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දීය විදේශ ලේකම් දිවයිනට




ඉන්දීය විදේශ ලේකම් එස්. ජයශංකර් නිල සංචාරයක් සඳහා අද (22) දිවයිනට පැමිණියා. කටුනායක ගුවන් තොටුපල නෙත් නිව්ස් වාර්තාකරු සඳහන් කළේ පස්වරු 4 යි 20 ට පමණ තිදෙනෙකුගෙන් සමන්විත දුත පිරිසක් සමග විදේශ ලේකම්වරයා දිවයිනට පැමිණි බවයි.

දින 03 ක කාලයක් ඉන්දීය දූත පිරස මෙරට රැඳී සිටීමට නියමිතයි. ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර අත්සන් තැබීමට නියමිත ‘‘එක්ටා’’ ගිවිසුම සම්බන්ධයෙන් මෙම සංචාරයේ දී ඉන්දීය නියෝජිතයින් මෙරට බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.