Monday, May 6, 2024

General line - 0115112241

යුධ හමුදා කැබ් රථයක් මාන්කුලමේදී අනතුරට - සෙබලෙක් ජීවිතක්ෂයට

මාධව කුලසූරිය




මාන්කුලම, වසන්තනගර් හන්දිය අසලදී යුධ හමුදා කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් යුධ හමුදා සෙබලෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ එම අනතුරෙන් තවත් සෙබලුන් 09 දෙනෙකුද තුවාල ලබා ඇති බවයි. ඔවුන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යුධ හමුදා හත්වන සේවා බලකායට අනියුක්ත, මුරුකණ්ඩි කඳවුරේ රාජකාරි කළ ගල්ගමුව, ඇහැටුවැව ප්‍රදේශයේ පදිංචි සැරයන්වරයෙක් බවයි පොලිසි පැවසුවේ.

මාන්කුලම් දෙස සිට කිලිනොච්චිය දෙසට ධාවනය වූ ලොරි රථයක් ඊට ඉදිරියෙන් ගමන් ගත් යුධ හමුදා සෙබළුන් රැගත් කැබ් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.