Friday, April 26, 2024

General line - 0115112241

විරාත් කෝලි සංගා පසු කරයි




ශතක 25ක් ලබා එක්දින වැඩිම ශතකලාභීන් අතර මෙතෙක් 4 වැනි ස්ථානයේ පසු වූ කුමාර් සංගික්කාර පසුකර යාමට ඉන්දීය පිතිකරු විරාත් කෝලි ඊයේ (23) සමත් වුණා.

ඒ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව මොහාලි හිදි ඊයේ පැවති 3 වන එක්දින කි‍්‍රකට් තරගයේදි ශතකයක් වාර්තා කිරීමත් සමගින්.

කෝලි ඊයේ වාර්තා කළේ සිය එක්දින කි‍්‍රකට් දිවියේ 26 වන ශතකයයි. එම තරගයේදී කෝලි ලකුණු 154ක් ලබා ගැනීමට සමත්වුණා.

එක්දින ශතක 49ක් වාර්තා කරමින් ඉන්දියාවේ සචින් ටෙන්ඩුල්කාර් ලොව වැඩිම එක්දින ශතක සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවා ලෙස පෙරමුණ ගෙන සිටිනවා.

දෙවන ස්ථානය හිමිව ඇත්තේ එක්දින ශතක 30 වාර්තා කළ ඔස්ටේ‍්‍රලියාවේ රිකී පොන්ටින්ටයි. එක්දින ශතක 28ක් වාර්තා කළ ශී‍්‍ර ලංකාවේ සනත් ජයසුරිය එම සටහනේ 3 වන ස්ථානයේ පසුවනවා.

011

14671097_412434642213585_7900335384463754030_n

14724569_412440925546290_8018547677618882044_n