Friday, April 26, 2024

General line - 0115112241

මට්ටක්කුලිය පාතාල ගැටුමේ ප‍්‍රධාන සැකකරු අතුරුදන්




මට්ටක්කුලිය සමිත් පුර ප‍්‍රදේශයේ ඉකුත් ඉරිදා සිදු වූ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූ ආර්. පී. නුවන් සංජීව නොහොත් ‘‘චූටි උක්කුන්’’ නමැත්තා අපරාධ රැසකට සම්බන්ධ අයෙකු බව අනාවරණ වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ 2010 වසරේ මට්ටක්කුලිය පොලීසියට පහරදී අවි ආයුධ පැහැර ගැනීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන්නේද ඔහු බවයි.

ඉකුත් ඉරිදා සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් සිවුදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

වෙඩි තැබීමට පැමිණි බව කියන පුද්ගලයින් තිදෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ කි‍්‍රයාත්මක බවයි පොලිසිය පැවසුවේ.

පාතාල නායකයෙකු ලෙස සැලකෙන ප‍්‍රසාද් කුමාර නොහොත් රොෂාන් නමැත්තාද ඒ අතරට අයත්. ප‍්‍රධාන සැකකරු වන ඔහු මේ වන විට ප‍්‍රදේශය අතහැර පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. ඒ අනුව රොෂාන් නමැත්තාගේ බිරිඳ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා ප‍්‍රශ්න කර ප‍්‍රකාශයක් සටහන් කර ගෙන තිබෙනවා.

පාතාල කල්ලි සාමාජිකයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක ප‍්‍රතිඵලයක් මත මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇති බවටයි සැලකෙන්නේ.