Thursday, May 2, 2024

General line - 0115112241

හෝටලය ඉදිකරන තැන හරියටම මෙන්න




ශ්‍රී පාද රක්ෂිතයේ සංචාරක හෝටලයක් ඉදිවන බවට පසුගිය දා සමාජ වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රචාරය වු ප‍්‍රවෘත්තිය සම්බන්ධයෙන් දැඩි ලෙස කතාබහට ලක්කෙරෙනවා.

ගූගල් සිතියම අනුව කළ සොයාබැලීමකදි එම හෝටලය ශ්‍රී පාද මළුවේ සිට කිලෝමිටර් හයක් එපිටින් වු මරේ දියඇල්ල ආසන්නයේ පෞද්ගලික ඉඩමක ඉදිකිරිමට සැලසුම් කර ඇති බව තහවුරුවන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ පිළිබඳව ශ්‍රී පාදස්ථානාධිපති පැල්මඩුලු රජමහා විහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති රත්නපුර මහ දිශාවේ ප‍්‍රධාන සංඝනායක අතිපුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින්වහන්සේද නල්ලතන්නියේ පැවති විශේෂ සාකච්ඡාවකදී එවැනි හෝටලයක් ශ්‍රී පාද පුදබිම තුල ඉදි නොවන බවට තහවුරු කළා.

01 02