Friday, April 26, 2024

General line - 0115112241

WHO උපදෙසින් දුම්වැටි පෙට්ටියත් වෙනස් වෙයි…




ඔස්ටේ‍්‍රලියාව හඳුන්වාදුන් ආකාරයේ සුදු පැහැති දුම්වැටි පැකට්ටුවක් හඳුන්වාදීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සූදානම් වනවා. දුම්වැටි වර්ගයේ නාමය සහ රූපමය අවවාද  හැර වෙනත් කිසිදු විස්තරයක් අඩංගු නොවන ලෙස එම දුම්වැටි පැකට්ටුව හඳුන්වාදීමටයි යෝජනා වී ඇත්තේ.

එ් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමේ කැබිනට් පති‍්‍රකාව ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සඳහන් කළේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් අනුව මෙම තනි සුදු පැහැති දුම්වැටි පැකට්ටුව හඳුන්වාදීමට නියමිතයි. දුම්පානය අවම කිරීම එහි අරමුණ වන අතර 2020 වන විට දුමෙන් තොර දේශයක් නිර්මාණය කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරන බවද එම අමාත්‍යංශය සඳහන් කළා.