Thursday, May 2, 2024

General line - 0115112241

පොඩි කුසල්, අජන්තගේ වාර්තාවක් බිඳ හෙලයි




සිම්බාබ්වේ දේශයේ පැවති තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත් යොවුන් කී‍්‍රඩක කුසල් මෙන්ඩිස් ඊයේ (27) වාර්තාවක් පිහිටුවූවා.

ඒ එක්දින කි‍්‍රකට් තරගාවලියක තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත් ලාබාලතම ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයා බවට පත් වෙමින්.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ අජන්ත මෙන්ඩිස්. ඔහු 2008 වසරේ පැවති ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේ වයස අවුරුදු 23දී.

මෙවර තුන්කොන් එක්දින තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගනිමින් 21 හැවිරිදි කුසල් මෙන්ඩිස් එම වාර්තාව තමන් සතු කර ගත්තා.

1) කුසල් මෙන්ඩිස්- වසර 21 දින 300යි – Zimbabwe tri series 2016
2) අජන්ත මෙන්ඩිස්- වසර 23 දින 117 – Asia cup 2008
3) ලහිරු තිරිමාන්න- වසර 24 දින 184 – Asia cup 2014
4) මාවන් අතපත්තු- වසර 25 දින 271 – Emirates tri series 1998
5) සනත් ජයසූරිය- වසර 26 දින 260 – Cricket world cup 1996
6) සනත් ජයසූරිය – වසර 27 දින 332 – Independence cup 1997
7) මහේල ජයවර්ධන- වසර 28 දින 74 – Indian oil cup 2005
8) රොෂාන් මහානාම- වසර 29 දින 142 – Singer tri series 1995