Thursday, May 2, 2024

General line - 0115112241

ගාල්ලේ ළමා අපයෝජන ඉහළට




ගාල්ල පොලිස් අධිකාරී කොට්ඨාසය තුළ ළමා අපයෝජන සංඛ්‍යාව සීඝ‍්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

ඉකුත් මාස දහයේදී පමණක් ගාල්ල පොලිස් අධිකාරී කොට්ඨාසයේ පොලිස් ස්ථාන 14කට අයත් ප‍්‍රදේශවලින් එවැනි අපයෝජන සිද්ධීන් 138ක් වාර්තා වුණා.

වයස අවුරුදු 16ට අඩු බාලවයස්කාර දැරියන් හතළිස් දෙදෙනෙකු සිය කැමැත්තෙන් අපයෝජනය වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබෙනවා.

වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ හබරාදූව, අක්මීමණ සහ නාගොඩ යන ප‍්‍රදේශවලින්.