Friday, April 26, 2024

General line - 0115112241

ගිලන් රථ රියදුරන් දීප ව්‍යාප්ත වර්ජනයකට සැරසෙයි




උතුරුමැද පළාතේ සෞඛ්‍ය සේවා රියදුරන් ආරම්භ කර ඇති වැඩවර්ජනයට සහය පල කරමින් ලබන 28 වනදා සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා ගිලන් රථ රියදුරන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඉකුත් 21 වන දා උතුරුමැද පළාත් ගිලන් රථ රියදුරන් වර්ජනයක නිරත වුණා. ඒ, උතුරුමැද පළාතේ සෞඛ්‍ය රියදුරු සේවාව දෙපාර්තමේන්තුගත සංවෘත්ත සේවාවක් ලෙස ස්ථාපිත කරන්නැයි බල කරමින්.