Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ ලයිස්තුවේ හත්වන තැනට




ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුසිලය නිකුත් කළ ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලයිස්තුවට අනුව ශ‍්‍රී ලංකාව හත්වන ස්ථානයේ පසුවනවා.

හිමි වී ඇති ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 96ක්. ශ‍්‍රී ලංකාවට පිටුපසින් සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය හා සිම්බාබ්වේ යන කණ්ඩායම් පමණයි.

ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය ඉන්දියාවට හිමිව තිබෙනවා. දෙවන ස්ථානයේ පසුවන්නේ ඕස්ටේ‍්‍රලියාවයි.

තුන්වන ස්ථානය පාකිස්තානයටත්, සිව්වන ස්ථානය දකුණු අප‍්‍රිකාවටත් හිමිව තිබෙනවා.

පස්වන ස්ථානයේ පසුවන්නේ එංගලන්තයයි. හයවන ස්ථානය නවසීලන්තයට හිමිව තිබෙනවා.

මේ අතර ශ‍්‍රී ලංකා – දකුණු අප‍්‍රිකා දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය හෙට කේප් ටවුන්හි දී ආරම්භ වීමට නියමිතයි.

capture